Entertainment

සජිත් ගැටුම ලිපි හුවමාරුවෙන් දැනේ


ranil-sajith-trouble

මේ අර්බුදකාරී අවස්ථාවේ සාම්ප්‍රදායික දේශපාලනය පසෙකලා දැවෙන ප්‍රශ්න විසඳීමට අත්වැල් බැඳ ගැනීම සඳහා එකතු වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය විසින් ප්‍රතික්ෂේප කොට තිබෙයි.


අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ රට තුළ පවතින අර්බුදයේ දී ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂවරුන් නොමැති පාලනයක් බවයි. එමෙන්ම මීට පෙර අවස්ථා දෙකක දී ජනාධිපතිවරයාට මේ බව තමා දැනුම් දුන් බවද විපක්ෂ නායකවරයා විසින් සිය ලිපිය හරහා අවධාරණය කර තිබෙයි.

නිර්පාක්ෂික ආණ්ඩුවකට එක්වන්නැයි අග්‍රාමාත්‍යවරයා සමගි ජනබලවේගයෙන් ඉල්ලීමක් කරමින් අද දින ලිපියක් යොමු කර තිබූ අතර තීරණයේ වෙනසක් නැතැයි විපක්ෂ නායක සජිත් කීවේය.
ජාතික වගකීමක් සේ සලකා පක්ෂ භේද නොසලකා ඒ සඳහා අත්වැල් බැඳ ගන්නා මෙන් සමගි ජනබලවේගයට ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා වෙත යොමුකළ ලිපියේ දැක්වෙයි. මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ එම ලිපියට පිළිතුරු ලිපියක් යොමු කිරීමට කටයුතු කර දැන්වූයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවය. ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීමේදී මහ පොළොවේ ජනතා මතයට අනුව විසඳුම් සෙවිය යුතු බවද ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ගනු ලබන නිවැරදි තීරණවලට වගකිව යුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බව ද විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමුකළ එම පිලිතුරු ලිපියේ සඳහන්ය.

 පොදුජන පෙරමුණ රනිල්ට සහය දැක්වීමට ඒකමතික තීරණය කළ අතර ලබන සතියේ පොදු ජන පෙරමුණේ අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායක ධූරයට පත්කරන්නට නම් කර තිබේ. මෙය දැනගත් පසු සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබය රෝහිණී කවිරත්න නියෝජ්‍ය කතානායක පදවියට නම් කර එහි තරගයක් මතුකර ඇත.
මුස්ලිම් කොංග්‍රසයෙන් කැඩී 20 වන සංශෝධනයට පොහොට්ටුවට ගිය මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද දින සජිත් ප්‍රේමදාස හමුවී සහය දෙන බව පවසා ඇත.
මේ අතර රනිල් වෙත පණිවිඩ එවා ඇති සීවී විග්නේස්වරන් තමන්ගේ සහය රනිල්ට බව කියා ඇත. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ සජබට සහය දැක්වූ මනෝ ගනේෂන් රනිල්ට සහය දක්වන්නට සූදානම් බවට ආරංචි පවතී.
සජබ අද යළි අවධාරණය කර ඇත්තේ තම පක්ෂයේ කිසිවෙකු රනිල්ට සහය දෙන්නේ නැති බවයි.
රනිල් හා සජිත් අතර අද හුවමාරුවූ ලිපි පහතින්


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Learn Different Information



Supply hyperlink

Leave a Reply

Your email address will not be published.