“ජනතාවට යට ඇඳුම් අන්දන ලැජ්ජානැති ආණ්ඩුවට යට ඇඳුමකින් විරෝධය පාමු” යන මැයෙන් විරෝධතාවක් හෙට පාර්ලිමේන්තුව අසල දී සංවිධානය කර තිබෙනවා.ඒ බව සඳහන් සටහන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන අතර හෙට උදෑසන නමයට මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව සඳහන්.
එහිදී පාර්ලිමේන්තුව අසල වැටේ වැනිම සදහා යට ඇඳුමක් ද රැගෙන එන ලෙස ද දන්වා තිබෙනවා.
හෙට මෙලෙස රට පුරා හර්තාලයක් දියත් කළ ද ලෝක කැලැන්ඩරයේ හෙට දැක්වෙන්නේ Worldwide No Pants Day යනුවෙන්.
ඇමරිකාවේ Texas විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් සෑම මැයි මාසයේ පළමු සිකුරාදා කලිසම දැමීමෙන් වැළකුණා.
ඔවුන් ඉන් සංකේතවත් කෙරුණේ ඔවුගේ සෙමෙස්ටර් එකක් අවසන් බවයි.
මෙය ඔවුන් හාස්‍ය මුසු කරමින් ඉදිරිපත් කළා. කෙසේ වුණත් වසර ගණනාවක් තිස්සේ මෙය සම්ප්රදායක් ලෙස සිදු වුණා.
මෙය 2000 වර්ෂයේ සිට විධිමත් දින සැමරුමක් ලෙස ආරම්භ වුණා.පසුව මේ දිනය ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්තවල සහ කැනඩාවේ ප්‍රදේශ කිහිපයක මෙන්ම ප්‍රංශය, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව, ෆින්ලන්තය සහ බ්‍රිතාන්‍යයේ පුරා විසිර ගියා.
මේ ඔස්සේ යමින් හෙට(06) තරුණ තරුණියන් ඇතුළු විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව අසල පොලිස් මාර්ග බාධක වල යට ඇඳුම් එල්ලීමට මෙලෙස සංවිධානය වෙමින් සිටිනවා