
මේ දක්වා ගෝඨාගෝගම, මයිනාගෝගම පිහිටවූ අරගලකරුවෝ අද (5) රාත්‍රී පටන් ‘හොරුගෝගම’ නමැති අලුත් ස්ථිර සටන් මර්මස්ථානයක් පිහිටුවන්නට ක්‍රියාකර තිබේ.
මේ සදහා තෝරාගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසුම් ස්ථානයයි.අද දින සවස් කාලයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය හා භික්ෂු බල මන්ඩල ඒකාබද්ධව විශාල විරෝධතාකරුවන් ප්‍රමාණයක් හයිලෙවල් පාරේ විජේරාමේ සිට ගමන් අරඹා පාර්ලිමේන්තුව ආසන්න පොල්දූව හංදිය වෙත ගොස් සිය විරෝධය පළ කළ අතර එම අවස්ථාවේ විරෝධතාකරුවන් පළවා හැරීමට පොලිසිය කදුලුගෑස් භාවිත කරන ලදි.
අනතුරුව ඔවුන් ටික වේලාවකට පසුබා එම ස්ථානයෙන් පළාගිය නමුත් එතැනට නැවත පැය කිහිපයකින් පැමිණි අතර දිගින් දිගටම සටන් පාඨ කියමින් රැය පහන් කිරීමට තීරණය කරනු දක්නට ලැබිණි.
රෑ වනවිට පෙනී ගියේ පොලිසිය සවිකළ ඇතැම් යකඩ පොලු ගලවා ඔවුන් නවාතැන් ආවරණ සකසමින් සිටි අයුරුය.රාත්‍රී 10.30 ට පමණ එය ‘හොරුගෝගම’ නමින් නම් කරන්නටත් එම පිරිස් කටයුතු කර තිබේ.
ඒ අනුව වත්මන් රජය ක්‍රියාත්මක ප්‍රධාන මර්මස්ථාන තුනක් වන විධායක බලය හිමි ජනපත මහා අගමැති කාර්යාල දෙකත් ව්‍යවස්ථාදායක බලය හිමි පාර්ලිමේන්තුවත් විරෝධතාකරුවන්ගේ කදවුරු පිහිටවූ තැන් බවට පත්ව අරගලය දිගටම ක්‍රියාත්මකය.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Learn Different Information