
11.40 am
පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ ලෙස වැය කරමින් නියෝජ්‍ය කතානායකවරයෙකු වෙනුවෙන් ඡන්ද විමසීම මිනිත්තු 40 කටත් වැඩි වේලාවක් තිස්සේ තවමත් පැවැත්වේ. මෙම ඡන්ද විමසීම නිසා අද දින සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබීමද කැපී පෙනෙන අතර මේ දක්වා නම් අඩගසද්දී කිසිවෙකු නොපැමිණි ගොඩට ඇතුළත්වූයේ නැත.
11.00 am
පවත්වන්නට යෝජිතවූ රහස්‍ය ඡන්දය වෙනුවට ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය පවත්වන්නැයි සංවාදයක් සභාවේ හටගත් අතර එයට පාර්ලිමේන්තු මහලේකම් හා කතානායක එකඟවූයේ නැත.විපක්ෂ නායක කියා සිටියේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දෙන්න ඉන්න ආණ්ඩුවේ අය කාටත් දැනගන්න පෙන්වන්න ලෙසිනි. කෙසේ වෙතත් සංවාදයෙන් අනතුරුව වෙන වෙනම නම් අඩගසමින් සභාව මැද තිබෙන පෙට්ටියට ගොස් ඡන්දය පළ කිරීමට අවස්ථාව සලසන ලදි. ඡන්දය පළ කරන්නා ඡන්දය දෙන නියෝජ්‍ය කතානායකගේ නම ලියා අත්සන් කිරීමටද අවශ්‍යය.
මේ සඳහා 224 දෙනෙකුට අවස්ථාව ලැබෙන නිසා දිගු වේලාවක් ගතවේ.
10.50 am
අද දින පාර්ලිමේන්තු රැස්වීමේදී නියෝජ්‍ය කතානායක කෙනෙකු තෝරාගැනීමේ ඡන්ද විමසීමක් මේ වනවිට ආරම්භවී ඇත.
රංජිත් සියඹලාපිටිය ශ්රීලනිපය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා යෝජනා කළ අතර සජබ වෙනුවෙන් ඉමිතියාස් බකීර් මාකර් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා යෝජනා කළේය. මීට ආණ්ඩුවේ සහය දෙන බව දිනේෂ් ගුණවර්ධන කීය.
මෙම ඡන්ද විමසීම ආණ්ඩුවේ ශක්තිය උරගෑමක් ලෙස පෙන්නුම් කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Learn Different Information